Trending Newsඑසැන පුවත්දේශීය

සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාව, සමාජයේදී මුහුණදෙන ගැටළු ගැන අනාවරණයක්

දකුණු පළාත තුළ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් (”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව) 600කට අධික පිරිසක් සිටින බව මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනමේ පරිපාලන නිලධාරී සිතාරා සෙව්වන්දි මෙනවිය ප්‍රකාශ කළාය. ඇය ඒ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ හෝටලයක 20දා පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිතාරා මෙනවිය මෙසේ ද කීවාය. ”සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්  (”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව) ගණනය කිරීමේ දී හමුවූ ප්‍රමාණයට සාපේක්ෂව හමු නොවී සැඟවී සිටින ප්‍රමාණය වැඩියි. දකුණු පළාත තුළ 600ක වැඩි “එල්ජීබිටීඅයිකිව්” ප්‍රජාවක් අප ආයතනය සමග සම්බන්දවී කටයුතු කරනවා. ඔවුන් රෝහල් සායනවල ලියාපදිංචිවී සිටිනවා.

දකුණු පළාත තුළ ”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව නියෝජනය කරන සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් මුහුණ දෙන ගැටළු රැසක් තියෙනවා. ආර්ථික, දේශපාලන, සමාජයීය හා සංස්කෘතික වශයෙන් එම ප්‍රජාවට ඇතිවී තිබෙන ගැටළු කතා කරන්න අවස්ථාවක් නැහැ. එයාලට උදව් කරන්න පිරිසක් නැහැ. මේ හේතුව නිසා එයාල ගොඩක් වෙලාවට තමන්ගේ දිශානතිය හෝ තමන්ගේ අනන්‍යතාව සමාජයෙන් සඟවන්න උත්සාහ කරනවා. ඒක නිසා තවත් සමාජ ගැටළු පැන නගිනවා. ඒ සම්බන්දව උපදෙස් ලබාදීම සහ නීතිමය ආධාර ලබාදීම ඇතුළු කාරණා ”මානව සොබා සම්පත් සංවර්ධන පදනම” මගින් සිදු කරනවා.

”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව කුඩා කාලයේ පවුල තුළින් කොන්වීමකට ලක්වෙනවා. ඔවුන්ගේ අනන්‍යතාවයන් ඉදිරිපත් කිරීමට ඇති අවස්ථා පවුල තුළින්ම අහිමි වෙනවා. පාසලේදී කොන්වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න බැරි වෙනවා. සාර්ථක අධ්‍යාපනයක් නැති නිසාම රැකියාවට ප්‍රවිශ්ඨ වීමේ ගැටළු මතුවෙනවා. තවත් අවස්ථාවලදී අපට හමුවෙනවා හොඳ අධ්‍යාපන සුදුසුකම් තියෙන දරුවන්. නමුත් රැකියාවට යද්දි උප්පැන්න සහතිකයේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරපු කාරණාව නිසා ගැටළු ඇති වෙනවා. එවැනි හේතු නිසා රැකියාව අහිමි වෙනවා.

ඒ වගේම සෞඛ්‍ය සේවා ලබා ගැනීමේදී ”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව දැඩි අසීරුතාවයට ලක් වෙනවා. අදාළ සියලු ඖෂධ රජයේ රෝහලෙන් ලැබෙන්නේ නැහැ. ඇතැම් ඖෂධ මිල අධිකයි. එම ඖෂධ පිටතින් ගැනීමට සිදුවෙනවා. එම නිසා ඖෂධ ලබා ගැනීමේ දී ආර්ථික ගැටළුවට මුහුණදීමට වෙනවා.

”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව සම්බන්දයෙන් ශ්‍රී ලංකාව තුළ නීති සහ චක්‍රලේඛ තිබුණත්, ඉහළ නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත්ව සිටියත්, පහළ නිලධාරීන් මේ ගැන දන්නේ නැහැ. ඒක නිසා යම් යම් අවස්ථාවල ගැටළු ඇති වෙනවා. මෙම ප්‍රජාව පිළිබඳ පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් දැනුවත්ව කටයුතු කරනවානම් ගැටළු ඇතිවීම අවම වෙනු ඇතැයි අප විශ්වාස කරනවා යැයි ද කීවාය.

Related posts

உடுவே தம்மாலோக தேரர் விடுதலை

Mohamed Dilsad

விஜேதாச ராஜபக்ஷவிற்கு 500 மில்லியன் ரூபா நட்டயீட்டை வழங்குமாறு லேக்ஹவுஸ் நிறுவனத்திற்கு உத்தரவு

Mohamed Dilsad

Four charged in India over arrest of boat people in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment