Trending Newsඑසැන පුවත්දේශීය

මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (23) සිට ඇරඹේ

මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන වලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව රථවාහන මෙහෙයුම අද (23) සිට සිදු කිරීමට නියමිත බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකරනු ලබයි.

බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි.

මීට සමගාමීව අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර ඒ සඳහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් රාජකාරි යොදවා ඇති බවයි පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධව 119 හා 1997 යන කෙටි දුරකථන අංක වලට තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව පවතිනවා.

අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකථන අංකය වෙත හෝ පහත සඳහන් අනෙකුත් රථවාහන කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකථන අංක වෙතද තොරතුරු ලබාදීම සිදුකළ හැකියි.

මාර්ග නීති රීති උල්ලංඝන කිරීම් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් එම වීඩියෝ පටද වස්ඇප් මගින් එම දුරකථන අංක වෙත යොමු කිරීමට හැකියාව පවතින අතර එම තොරතුරු අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

අද (23) දින සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය 0718591741,

රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂ 0718591967,

බස්නාහිර පළාත් උතුර රථවාහන කොට්ටාසයේ අධ්‍යක්ෂ 0718592857,

බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718592278 යන දුරකතන අංකවලට ඇමැතිය හැකියි.

Related posts

புகையிரத துறையில் பயிற்சிகளை வழங்குமாறு இராணுவம் கோரிக்கை

Mohamed Dilsad

பிரபல ஆடை வடிவமைப்பாளர் கேத் ஸ்பேட் தற்கொலை

Mohamed Dilsad

Travel ban on Gotabhaya temporarily lifted

Mohamed Dilsad

Leave a Comment