Trending Newsඑසැන පුවත්දේශීය

වරායේ බහාලුම් නිෂ්කාශනය කඩිනම් කිරීමට කමිටුවක් පත් කරයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව බහාලුම් පර්යන්ත 02ක් සහ රජය සතුව බහාලුම් පර්යන්ත 02ක් වශයෙන් බහාලුම් පර්යන්ත 04ක් ක්‍රියාත්මක වේ.

එහිදී ප්‍රති-නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීම ද ඇතුළත්ව එක් පර්යන්තයක් හරහා දිනකට බහාලුම් 5,000 – 10,000ත් අතර ප්‍රමාණයක් පරීක්ෂා කර යි. රේගු නිලධාරීන් විසින් පිට කිරීමේ දොරටුවලදී පරීක්ෂා කිරීමට අවශ්‍ය බහාලුම් තීරණය කර, එම බහාලුම් භෞතික වශයෙන් ස්කෑන් කරයි.

පසුගිය කාලයේ නිෂ්කායන ක්‍රියාවලිය තුළදී විවිධ ගැටලු මතුවීම හේතුවෙන් රේගු නිලධාරීන් විසින් දෛනිකව බහාලුම් වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර, වරාය වෙත පැමිණෙන නෞකා ප්‍රමාණයේ යම් වැඩිවීමක් ද නිරීක්ෂණය කර තිබේ.

බහාලුම් නිදහස් කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කරමින් කිසිදු ප්‍රමාදයකින් තොරව වරායෙන් බහාලුම් නිදහස් කිරීම වෙනුවෙන් යෝග්‍ය ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

මියගිය විශ්වවිද්‍යාල සිසුවාගේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ

Editor O

SLC stops attempted embezzlement of broadcast money

Mohamed Dilsad

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment