Trending Newsඑසැන පුවත්දේශීය

අඩුමිලට අරක්කු හඳුන්වා දීමේ සුරාබදු කොමසාරිස්ගේ තීරණයට විරෝධයක්

අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගෙන ආ යෝජනාව සම්බන්ධව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ නීත්‍යානුකූල නොවන මද්‍යසාර අවම කිරීමේ මුවාවෙන් මද්‍යසාර මිල අඩු කරමින් රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර සමාගම්වලට වාසි සහගත තත්ත්වයක් ඇති කරවීමට මෙමගින් උත්සාහ දරා ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රටක සිදුවිය යුත්තේ මද්‍යසාර සහ දුම්වැටි බදු ඉහළ දමමින් භාවිතය පාලනය කිරීම සඳහා කටයුතු කිරීම බවත් එහි සඳහන් ව තිබේ.

මද්‍යසාර භාවිත කරන පිරිස් භාවිත කරන මද්‍යසාර ප්‍රමාණය අවම කිරීමටත් අලුතින් මද්‍යසාර භාවිතය සඳහා යොමු වීම අවම කිරීමටත් ඇති ප්‍රතිඵලදායක ක්‍රමෝපායක් ලෙස සුරා බදු වැඩි කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන ආයතන විද්‍යාත්මක තහවුරු කිරීමක්ද කර ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.

ලොව පුරා සිදුවන වළක්වාගත හැකි මරණවලින් 10න් 8කටම හේතුවක් වන බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1ක් ලෙස මද්‍යසාර භාවිතය පෙන්වා දී ඇති අතර ශ්‍රී ලංකාවේ මධ්‍යසාර භාවිතය දිනකට පුද්ගලයින් 50 දෙනෙකු මරණයට පත් කරනු ඇති බවත් එය වසරකට ශ්‍රී ලාංකිකයින් 20,000ක් පමණ මරණයට පත් කෙරෙනු ඇති බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ හේතුවෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ සහ එම දෙපාර්තමේන්තුවේ වගකීම වනුයේ රටේ ජනතාව මද්‍යසාර භාවිතයෙන් රෝගීන් බවට පත් කිරීම නොව මද්‍යසාර බදු නිවැරදිව අයකර ගනිමින් නිත්‍යානුකූල නොවන මද්‍යසාර වැළැක්වීම බවත් එම නිවේදනයේ සඳහන් ව තිබේ.

වෙළෙඳපොළ තුළ සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළෙඳපොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයින් නීතියේ රැහැනට ගෙන ඒමත් සහ එවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට කටයුතු කිරීමත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ වගකීම බවත් එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

Related posts

Transparency International commends Bribery Commission for tackling corruption

Mohamed Dilsad

பாகிஸ்தான் அணி தலைவருக்கு சர்வதேச போட்டிகளில் விளையாட தடை

Mohamed Dilsad

Democrats challenge Trump son-in-law job

Mohamed Dilsad

Leave a Comment