ප්‍රමුඛ පුවත 1

රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීම නවතීද?

(උදයම්,කොළඹ)  – රජයේ අමාත්‍යවරුන්ට වාහන ගැනීමට ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තු අනුමත කළ නොහැකි බව මුදල් කාරක සභාව විසින් කථානායක, කරූ ජයසූරිය මහතාට දන්වා තිබේ.

රජයේ ඇමතිවරුන් මේවන විට භාවිතා කරනු ලබන වාහන පිළිබඳ වාර්තාවක් ලබාදෙනතුරු අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීම නතර කරන ලෙස රාජ්‍ය මුදල් කාරක සභාව විසින් අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති එම්.ඒ සුමන්දිරන් මහතා විසින් කථානායකවරයාට දන්වා ඇත.

පරිපූරක ඇස්තමේන්තු දෙකක් මගින් ඇමතිවරුන් පිරිසකට වාහන ලබාගැනීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙලෙස එය තාවකාලිකව අත්හිටුවා ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

2015 ජනවාරි මාසයේ සිට ඇමතිවරුන් ලබාගෙන ඇති වාහන හා ඒවායේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස අයවැය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැනුම්දී ඇති බව මෙහිදී තහවුරු වී තිබේ.

Related posts

මරණීය දණ්ඩනයට එරෙහි පෙත්සම විභාගය යළිත් හෙට දිනට කල් යයි

Mohamed Dilsad

එජාප අපේක්‍ෂකත්ව අර්බුධය විසඳන තවත් සාකච්ඡාවක් ළඟදීම

Mohamed Dilsad

ජපානයේ ශ්‍රී ලාංකිකයින්ට ගංවතුරින් හානියක් නෑ

Mohamed Dilsad

Leave a Comment