ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  –  නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනී.

කෝවිලන් සිට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී උතුරු නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ වේග ප්‍රහාරක යාත්‍රාවක නාවිකයින් පිරිසක් විසින් මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ඉන්දීය ධීවරයින් පැමිණි ට්‍රෝලර් යාත්‍රාවක් ද එහිදී වෙරළාරක්ෂක නිලධාරීන් බාරයට ගෙන තිබේ.

මෙම ඉන්දීය ධීවරයින් හය දෙනා ඉදිරි විමර්ශන සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත බාර දීමට නියමිතය.

Related posts

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් ලබන මස පළවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සබැඳිව යුද්ධ හමුදා මතය ප්‍රකාශ කිරීම

Mohamed Dilsad

Leave a Comment