Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික බුද්ධි ප්‍රධානියා පත් කරයි.

ජාතික බුද්ධි ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඊයේ (01) දින ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව පත්වීමෙහි රාජකාරී ආරම්භ කළේය. ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතාව මෙලෙස පත්කර තිබේ.

Related posts

அதிவேக நெடுஞ்சாலையில் இலவசமாக பயணிக்க முடியும்

Mohamed Dilsad

රට පුරා විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්

Editor O

Sri Lanka suffer 0-4 whitewash by Bangladesh

Mohamed Dilsad

Leave a Comment