Trending Newsඑසැන පුවත්දේශීය

විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යය මණ්ඩල සඳහා 50% ක් පුරප්පාඩු

මෙරට සරසවි වලට අවශ්‍ය ආචාර්ය මණ්ඩලයෙන් සියයට පනහක පමණ ප්‍රමාණයක හිඟයක් ඇති බව වාර්තා වෙයි. ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යමේ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත. මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන උසස් අධ්‍යාපන ආයතන දහ අටක් ඇත.

ඒවාට දසදහසක පමණ ආචාර්ය මණ්ඩලයක් අනුමත කර ඇතත් මේ වන විට සේවය කරමින් ඇත්තේ සියයට පනහක ප්‍රමාණයකි. ඉකුත් කාලයේදී පැවති ආර්ථික අර්බුදය මත විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දහසක පමණ ප්‍රමාණයක් රට හැරගොස් තිබේ.

ඔවුන් නැවත මෙරටට ගෙන්වීම සඳහා වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවේ. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බඳවා ගැනීමට අයදුම්පත් කඳවා තිබුණද ඇතැම් සුදුසුකම් ඇති පිරිස් ඒවාට යොමු නොවී වෙනත් ආදායම් වැඩි රැකියා සඳහා යොමු වන ප්‍රවණතාවයක් දක්නට ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

பொலிஸ் நிலைய பொறுப்பதிகாரிகள் மூவருக்கு இடமாற்றம்

Mohamed Dilsad

Buttler to maintain attacking approach in Pakistan Test

Mohamed Dilsad

US Peace Corps assistance for English Language

Mohamed Dilsad

Leave a Comment