Trending Newsඑසැන පුවත්දේශීය

මාදිවෙල නිල නිවාසවල ඉන්න මාලිමා මන්ත්‍රීන්ට උයාගෙන කන්න, උපකරණ පක්ෂයෙන් සපයයි.

දුර බැහැර ප්‍රදේශවලින් පාර්ලිමේන්තුවට පත් වූ ජාතික ජනබලවේග මන්ත්‍රිවරුන් පිරිසකට මේ වනවිට මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා දී ඇති අතර ඔවුන්ගේ එම නිවාසවලට අවශ්‍ය මූලික ගෘහ උපකරණ පක්ෂය විසින් සම්පාදනය කරනු ලැබ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ගෘහ භණ්ඩ ගෑස් සිලින්ඩර, උදුන්, විදුලි පංකා වැනි උපකරණ, පක්ෂය විසින් ලබාදී ඇතැයි වාර්තාවේ. මෙතෙක් මෙම භාණ්ඩ සපයා ගැනුණේ එක් එක් මන්ත්‍රිවරුන් සිය පෞද්ගලික ධනයෙනි.

මෙලෙස දේශපාලන පක්ෂයක් ඔවුන් වෙත අදාළ භාණ්ඩ සැපයූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව වාර්තාවෙයි.

Related posts

Warner Bros. being sued because the Conjuring movies aren’t based on real facts

Mohamed Dilsad

ஹஷிஸ் போதைப்பொருளுடன் வெளிநாட்டவர் பிரஜை ஓருவர் கைது

Mohamed Dilsad

எதற்காக 99 ; நூறாக மாறுமா?

Mohamed Dilsad

Leave a Comment