වට්ස් යෙදවුමේ නව යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. මෙම යාවත්කාලීන කිරීම හරහා, වට්ස්ඇප් යෙදවුමෙන් කණ්ඩායම් කතාබස් ඇමතුමක් ආරම්භ කරන විට, ඔබට නිශ්චිත සහභාගිවන්නන් පමණක් තෝරා ගත හැකියි.
ඒ, අනුව අවශ්‍ය අය පමණක් තෝරාගෙන අනෙක් අයට බාධා නොකර ඔබට ඇමතුම් ලබාගැනීමට මේ වනවිට හැකියාව පවතිනවා. ලොව පුරා පරිශීලකයින් දිනකට වට්ස්ඇප් හරහා ඇමතුම් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සඳහන්.
මේ වනවිට වට්ස්ඇප් යෙදවුම ලොව පුරා අතිශය ජනප්‍රිය වී තිබෙනවා. එමෙන්ම වට්ස්ඇප් හරහා මේ වනවිට වඩාත් විනෝදජනක වීඩියෝ ඇමතුම් ලබාගැනීමටද හැකියාව පවතිනු ඇති. ඒ අනුව පරිශීලකයින්ට වීඩීයෝ ඇමතුම් ලබාගැනීමේදී, බලු පැටවුන්ගේ කන් එකතු කිරීමට, ජලය යට සිටින බව පෙන්වීමට සහ කැරෝකී සඳහා මයික්‍රෆෝනයක් යෙදවීම වැනි දෑ පෙන්වීමට විවිධ විශේෂාංග එක්කර තිබෙනවා.
එමඟින් ඔබේ වීඩියෝ ඇමතුම් වඩාත් විනෝදජනක සංවාද බවට පරිවර්තනය වන අතර ඒ සඳහා ප්‍රයෝග දහයක් එක්කර ඇති බවද සඳහන්. ඩෙස්ක්ටොප් හරහා ඇමතුම්වලට සම්බන්ධ වන අයට ඇමතුමක් ආරම්භ කිරීමට, ඇමතුම් සබැඳියක් සෑදීමට ද හැකියි.
එමෙන්ම යම් අංකයක් කෙලින්ම ඇමතීමට අවශ්‍ය සියලු පහසුකම් ද මෙම යාවත්කාලීන කිරීම හරහා ලබාගත හැකි බවට එම සමාගම විසින් දැනුම් දී තිබෙනවා. යෙදවුම භාවිතයේදී, ජංගම දුරකථනවලට මෙන්ම පරිගණකවලට ද විශේෂ අවධානයක් යොමු කර ඇති එම සමාගම නිවේදනය කර ඇත්තේ, වට්ස්ඇප් පරිශීලකයින්ට එම යෙදවුම භාවිත කිරීම පහසු කරවීමට අවශ්‍ය කටයුතු තවදුරටත් සිදුකරන බවටයි.