Trending Newsඑසැන පුවත්දේශීය

ඇමරිකාවට හිම කුණාටු

කැන්සාස් සිට නිව් ජර්සි දක්වා අමෙරිකාවේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ හිම කුණාටු තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ප්‍රදේශය කරා ගමන් කරනු ඇති බවට එරට ජාතික කාලගුණ සේවය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

හිම කුණාටුවේ අවදානම හේතුවෙන් කැන්සාස්, කෙන්ටකි, ආර්කන්සාස්, බටහිර වර්ජිනියා සහ වර්ජිනියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක ආණ්ඩුකාරවරු හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ. හිම කුණාටුවත් සමග ඇතිවන හිම පතනය, දශකයකට පමණ පසුව සිදුවන දරුණුතම හිම පතනය විය හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කරයි.

මේ අතර පවතින ශීතාධික කාලගුණ තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයේ ද ප්‍රදේශ රැසකටම බලපෑම් එල්ල වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 11ක පමණ අගයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ කිහිපයක මෙහෙයුම් කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් මැන්චෙස්ටර්, බර්මින්හැම් ඇතුළු ගුවන්තොටුපොළ කිහිපයකම ධාවන පථ තාවකාලිකව වසා දැමීමට ද සිදුව ඇති බව සඳහන්ය. උතුරු දිග එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවලට සෙන්ටිමීටර 25ක පමණ හිමපතනයක් සිදුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related posts

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

කෘෂිකර්ම ඇමති පාඨලීට එරෙහිව සීඅයිඩී යයි

Mohamed Dilsad

No-Confidence Motion debate against the Prime Minister today

Mohamed Dilsad

Leave a Comment