Trending Newsඑසැන පුවත්දේශීය

තහනම් පෙත්තක් රු. 15,000 ක ට අළෙවි කළේ යැයි, ෆාමසි හිමිකරු අත්අඩංගුවට

නුවරඑළිය නගරයේ ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැලේ හිමිකරු නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් සහ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එක්ව අද (06) දින අත්අඩංගුවට ගෙන තිබේ.

එම ඔසුසැල් හිමියා නීති විරෝධී ගබ්සා පෙත්තක් රුපියල් පහලොස් දහසක මිලකට අලෙවි කරන බවට කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සමග එක්ව උපාය දුතයෙකු යොදාගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බව දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මේනන් මහතා කියා සිටියේය.

සැකකරුගේ ඔසුසැලේ අලෙවි කිරිමට තිබූ ගබ්සා පෙති රැසක් පොලිස් භාරයට ගත් බවත්, නිති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ගබ්සා පෙති මෙරට තුළ අලෙවි කිරිම සපුරා තහනම් කර ඇති බවයි, සෞඛ්‍ය වෛද්‍යවරයා කියා සිටියේ.

Related posts

UTV NEWS ALERT වෙතින් නවතම පුවත් එසැනින් ඔබේ ජංගම දුරකථනයට

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් සල්ලි සොරාගන්න හැටි හෙළිවෙයි

Mohamed Dilsad

ජිනීවා මානව හිමිකම් සැසියේදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment