ප්‍රමුඛ පුවත 1

නුවරඑළියේ වෛද්‍යවරියක් අභිරහස් ලෙස මියයයි

(උදයම්,නුවරඑළිය)  –  නුවරඑළිය රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයක් තුළ  වෛද්‍යවරියක් අභිරහස් ලෙස මියගොස්  ඇති බව අපොලිසිය පවසයි.

ඇය  31ක් හැවිරිදි   කැළණි ප්‍රදේශයේ පදිංචිව සිටි  නුවරඑළිය මූලික රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියක් වශයෙන් කටයුතු කළ දිනුෂිකා හෙටිටිආරචිචි බවට පොලිසිය අනාවරණ කරගෙන ඇත.

ඇය මියගොස් සිටි ස්ථානයේ තිබී බෙහෙත් පෙති කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තාවේ.

නිර්වින්දන ඖෂධ අධිමාත්‍රාවෙන් එන්නත් කරගෙන ඇති බවට ද සැක පළවී ඇත.

ඇය එම රෝහලේම වෛද්‍යවරයෙකු සමග විවහා වි පසුව දික්කසාදවී ඇති බවත් වාර්තාවේ.

වෛද්‍යවරිය නිවාඩු ලබා සිට ඇති අතර හෙට (24) රාජකාරි සදහා වාර්තාකළ යුතුව තිබුණ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්‍ෂණය පස්වරුවේ  නුවරඑළිය මහේස්ත්‍රාත් ඉන්දික රුවන් ද සිල්වා මහතා විසින් පැවැත්වු අතර එහිදි මහේස්ත්‍රාත්වරයා නුවරඑළිය පොලිසියට නියෝග කළේ සිරුර පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා මහනුවර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසය.

Related posts

බහුදින ධීවර යාත්‍රා 44ක් ඉන්දීය හා මාලදිවයින් මුහුදු ප්‍රදේශ දෙසට

Mohamed Dilsad

ඇමති රිෂාඩ් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතන් සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති මෙරට නිලධාරීන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment