Trending Newsඑසැන පුවත්දේශීය

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන රිෂාඩ්ගෙන් ඉල්ලීමක්

මුලතිවු වෙරළ තීරයට පැමිණ සිටියදී ශ්‍රී ලංකා භාරයට ගෙන තිබෙන රෝහින්ග්‍යා සරණාගතයෙන් සම්බන්ධයෙන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

දැනට මෙරට රැකවරණ යටතේ සිටින එම සරණාගතයන් යළි පිටුවහල් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළ කරන බවද රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ජනාධිපති වෙත යැවූ ලිපියේ සඳහන්.

මෙවන් තත්ත්වයකදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානුෂීය ප්‍රතිපත්ති පිළිපැදිය යුතු බවත් මෙම පිරිස් තම මව්බිමේ පීඩනයන්ට ලක්ව පළා ගිය පිරිස් බවත් තම දැඩි විශ්වාසය බවත් හෙතෙම පෙන්වයි. ඒ අනුව ඔවුන් අවදානමට ලක්ව සිටින කාලය තුළ ඔවුන්ට ආරක්ෂාව සැපයීම මානව හිමිකම් අගය කරන ජාතියක් ලෙස අප සතු වගකීමක් බවත් ඔහු එමඟින් පෙන්වා දෙයි.

මෙම සරණාගතින් මෙරට රැඳී සිටින කාලය තුළ ගෞරවයෙන් හා අභිමානයෙන් සලකන ලෙස තමන් කාරැණිකව ඉල්ලා සිටින බවද හෙතෙම තව දුරටත් කියා සිටී.

Related posts

எதிர்ப்பு ஆர்ப்பாட்டம் காரணமாக கடும் வாகன நெரிசல்…

Mohamed Dilsad

Prince Harry and Meghan Markle Announce More Royal Wedding Details

Mohamed Dilsad

බද්ද වැඩිකරන්න කලින් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් ලොකු ලූණු ටොන් 18000ක්, අල ටොන් 23000ක් ගෙන්නලා

Editor O

Leave a Comment