Trending Newsඑසැන පුවත්දේශීය

ජනතාව උපයන ආදායමෙන් 75%ක් වැය වෙන විදිය

පසුගිය මාස හයක කාලය තුළ මෙරට ආහාර අනාරක්ෂිත බවෙන් යුත් පවුල් සංඛ්‍යාව සියයට 17 සිට 24 දක්වා ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බවට ලෝක ආහාර වැඩපිළිවෙල මෑත කාලීනව සිදුකළ සමීක්ෂණයකදී අනාවරණ වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ජනතාව සිය අදායමෙන් සියයට 75ක්ම ආහාර සඳහා වැය කරන බවත්, ‍ඒ හේතුවෙන් සහල් මිල අඩු කිරිම ඉතාමත්ම අත්‍යවශ්‍ය බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

වී ගොවියට සාධාරණ මිලක් ලබාදෙන ගමන් පාරිභෝගිකයාට සාධාරණ මිල‍කට ආහාර ද්‍රව්‍ය ලබාදිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මෙසේ ද කීවේය. “මහා පරිමාණ වී මෝල් හිමියන් දවසකට උපයන ආදායම ලක්ෂ 40යි.. මාසෙකට ලක්ෂ 1200ක් උපයනවා කියලා පසු අස්වනු කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.. ඒ නිසා සහල් නිෂ්පාදනයේ ලාභය තියෙන්නේ කොහෙද කියලා දැන් පැහැදිලියි.. ආහාර ද්‍රව්‍යවලින් බදු අය කිරිම ජනතාවගේ බඩගින්න සමග සූදු කෙලීමක් වගේ කියලා මාක්ස් කියලා තිබෙනවා.. ජනතා විමුක්ති පෙරමුණත් නියෝජනය කළේ සමාජවාදය.. නමුත් දැන් මේ ආණ්ඩුව ඉන්නේ කොහෙද කියලා අපිට ගැටලුවක් තිබෙනවා‍.. ලෝක ආහාර වැඩපිළිවෙල මෑත කාලීනව සිදු‍‍කළ සමීක්ෂණයකදී අනාවරණය වෙලා තියෙනවා ලංකාවේ පසුගිය මාස හයක කාලය තුළ ආහාර අනාරක්ෂිත බවෙන් යුත් පවුල් සංඛ්‍යාව සියයට 17 සිට 24 දක්වා වැඩිවෙලා කියලා.. ජනතාව තමන්ගේ අදායමෙන් සියයට 75ක්ම වැය කරන්නේ ආහාර සදහා.. ඒ තමයි දුප්පත්කම.. ඒ නිසා සහල් මිල අඩු කිරිම ඉතාමත්ම අත්‍යවශ්‍යයි.. 2020 වසරේදී අපේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 38ක්.. අපේ අවශ්‍යතාවය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 37යි.. ඒ කියන්නේ අපි අවශ්‍යතාවට වඩා නිෂ්පාදනය කරලා.. නමුත් එහි වාසිය ජනතාවට ලැබුනේ නැහැ.. දිගටම දේශපාලන වේදිකාවේ සංවාදයක් තිබුණා, වී ගොවියට සාධාරණ මිලක් ලබාදෙන ගමන් පාරිභෝගියාට සාධාරණ මිල‍කට ආහාර ද්‍රව්‍ය ලබාදිය යුතු බවට.. නමුත් අද මේ දෙකෙන් එකක්වත් සිදුවන්නේ නැහැ.. මේ ආණ්ඩුව ආවේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න.. නමුත් කරපු චේන්ජ් එකක් නැහැ.. පුද්ගලික බැඳියාවන් සහිත සුලු පිරිසක් ප්‍රධාන තැන්වලට පත්වෙලා වෙනසක් කරන්න දෙන්නේ නැති තත්ත්වයක් කලින් තිබුණා.. නමුත් දැන් ජනතාව බලය ලබාදී තිබෙනවා.. මෙතරම් බලය ලැබිලත් වෙනසක් කරගන්න බැරි මේ ආණ්ඩුව ෆේල්..”

Related posts

Batman to be first inductee into Comic-Con Museum’s Character Hall of Fame

Mohamed Dilsad

කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්

Mohamed Dilsad

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩිති.

Editor O

Leave a Comment