Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අලුතින් ආනයනය කරන වාහන මිල ගැන ඉඟියක්

වාහන ආනයනයට ඉඩ ලබා දුන්න ද ඇතැම් වාහනවල මිල ගණන් 2020 වසරට සාපේක්ෂව 45%කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනයන අංශ පෙන්වා දෙන බවට වාර්තා වනවා.

ඒ එක්සයිස් බද්ද ඉහළ යෑම, එකතු කළ අගය මත බද්ද අය කිරීම සහ සුඛෝපභෝගී බද්ද වැඩි වීම යන හේතු නිසාවෙන්. මේ අතර මීට පෙර සුඛෝපභෝගී බද්ද අය කරනු ලැබුවේ එන්ජින් ධාරිතාව 2000 සහ 2500 ඉක්මවන වාහන වලට වුව ද නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500 ට වැඩි වාහන වලට එම බද්ද අය කිරීමට ඉඩ ඇති බවයි වාහන ආනයනකරුවෝ පවසන්නේ.

රජය විසින් බදු අනුපාත පහළ දැමුවහොත් වාහන මිලද පහළ යනු ඇත. විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් මේ වනවිට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.

මේවනවිට රට තුළ පවතින භාවිතා කරන ලද වාහන මිල ගණන් ඉතා ඉහළ අගයක් ගනී. එසේ වී ඇත්තේ, වාහන ආනයනය සීමා කිරීම නිසා සැපයුම අඩුවීමෙන් බවත් වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමග ඒවා සාමාන්‍ය මට්ටමට පැමිණෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.

Related posts

Sri Lanka must adapt to conditions better than at Cardiff – Thirimanne

Mohamed Dilsad

හැරගිය අය අපිත් සමග එකතු වෙන්න – පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

More rains on 19th -20th – Met Department

Mohamed Dilsad

Leave a Comment