Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී මිලට ගන්න, මෝල් හිමියන්ට සහන පොලීයට ණය – සහතික මිල පසුවට

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමය යළි ආරම්භ කර ඇත.

ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමයේ ඉළක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො. 25 කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති ය. අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියකුට හෝ සමූපකාර සමිතියකට රු.මි.50ක උපරිම ණය මුදලක් 7%ක වාර්ෂික පොළී අනුපාතයක් යටතේ ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180 ක් තුළ ගෙවා අවසන් කළ යුතුය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රු.මි. 10,000ක් වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණය යෝජනා ක්‍රමය මෙම වර්ෂයේ ජනවාරි මස 03 දින සිට මැයි මස 15 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

Related posts

Hundreds escape Libya prison amid deadly clashes in Tripoli

Mohamed Dilsad

“SL has not progressed due to internal divisions” – Karu Jayasuriya

Mohamed Dilsad

Bangladesh rejects opposition plea for caretaker government

Mohamed Dilsad

Leave a Comment