Trending Newsඑසැන පුවත්දේශීය

වී කිලෝවට රු. 150ක සහතික මිලක් අවශ්‍යයි – ජාතික ගොවිජන එකමුතුව

මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පෞද්ගලික වෙළෙඳුන් විසින් ආරම්භ කර ඇති බවත් නමුත් රජය මේ වන තෙක් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බවත් ජාතික ගොවිජන එකමුතුව පෙන්වා දෙයි.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසන්නේ අද වන විට වී ගොවීන්ගේ වියදම් ආදායම් සැලකිල්ලට ගැනීමේදී වී කිලෝ එකක නිෂ්පාදනය වියදම රුපියල් 116 ක් පමණ වන බවයි. ඊට 25%ක නිෂ්පාදන ලාභයක් සමඟ සමස්ත නී කිලෝවකට රුපියල් 29 ලාභයක් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

“අම්පාර, අක්කරෙයිපත්තුව ඇතුළු සෑම ප්‍රදේශයකම වී අස්වනු නෙළීම ආරම්භ වෙලා. නමුත් වී වලට සහතික මිලක් තවම ප්‍රකාශයට පත් කර නැහැ.ඇමැතිවරයා අපිට සාකච්ඡාවකට එන්න කියලා බොරුවට කරට අත දාගෙන රැවැට්ටුවා. ඉක්මනින් සහතික මිල ප්‍රකාශයට පත් නොකළ හොත් වෙළෙන්දෝ කුණු කොල්ලයට වී ටික මිලදී ගනීවීව්”

Related posts

ஆசியாவின் முதலாவது சுற்றுலாத்திட்டம் 2018 இல் ஆரம்பம்

Mohamed Dilsad

2022 (2023) උසස් පෙළ ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

Kangana as sprinter Dutee Chand

Mohamed Dilsad

Leave a Comment