Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගෙදර යයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන පරිදි අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය අමතමින් ඔහු කියා සිටියේ විශාල කනස්සල්ලක් ඇති කරන ඇතැම් දේවල් ගැන රටට අනතුරු ඇඟවීමට අවශ්‍ය බවයි.

බලය සහ ලාබ ප්‍රයෝජන තකා සමාජ මාධ්‍ය පවසන බොරුවලින් සත්‍ය යටපත්වී ඇති බව ඔහු පවසා තිබුණි.අපගේ දරුවන් අපගේ පවුල් සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් ආරක්ෂා කර ගැනීමට සඳහා සමාජ වේදිකා වගකිව යුතු බව ද ඔහු පවසා තිබේ.

තමන් බීජ රෝපණය කර ඇති අතර ඒවා වර්ධනය වී දශක ගණනාවක් තිස්සේ මල්පිපෙනු ඇතැයි ඔහු සිය සමුගැනිමේ දේශනය අතරතුර සඳහන් කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙස ඉල්ලා සිටි ජෝ බයිඩ්න්, තමන් අමෙරිකාවට ආදරය කරන බව ද වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

DMC says drought in 17 districts

Mohamed Dilsad

பிணை மனு விசாரணைக்கு திகதி குறிப்பு

Mohamed Dilsad

Mainly Fair Weather can be Expected in Srilanka Today

Mohamed Dilsad

Leave a Comment