Trending Newsඑසැන පුවත්දේශීය

ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් ගැන විශේෂ දැනුම්දීමක්

මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ජනතාවගෙන් ඉල්ලා සිටී. .

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුකුල මහතා පැවසුවේ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවය.

ඒ මහතා මෙසේ ද කීවේය”මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති බවට පවසන්න පුළුවන්. විවිධ වට්ටම්, නිවසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් ඔබට පණිවුඩ එවන්න පුළුවන්. එවැනි පණිවුඩ ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදීමට වගබලා ගන්නා ලෙස ඉල්ලීමක් කළේය.

Related posts

Philippine Government extends humanitarian assistance to Sri Lanka

Mohamed Dilsad

පුද්ගලයින් 138 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

Mohamed Dilsad

புகழ்பெற்ற கோல்ஃப் வீரர் டைகர்வுட்ஸ் கைது

Mohamed Dilsad

Leave a Comment