Trending Newsඑසැන පුවත්දේශීය

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කෙරේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (17) නියම කළා.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහි මෙම නඩුව අද (17) විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා. අනතුරුව වැඩිදුර විභාගය පෙබරවාරි මස 17 වන දා දක්වා කල් තැබුණා. 2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයකදී මෙම අපරාධය සිදුවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශ වලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

Related posts

North and South to experience wind and rain next few days

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ධාවනය ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

ரஜினியின் அரசியல் பிரவேசம் உறுதியானது..!கட்சியில் இணையவுள்ள பிரபலங்கள்!

Mohamed Dilsad

Leave a Comment