Trending Newsඑසැන පුවත්දේශීය

ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව ජනතාව තුළින්ම අභියෝගයට ලක්වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ධාරව විසින් කරන ආණ්ඩුව මේ වන විට ඔවුන්ගේ ජනතාව තුළින්ම අභියෝගයට ලක්ව ඇති බව සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. ඔවුන් මේ වනවිට සියලුදේ මිත්‍යාවෙන් යටපත් කර ඇති බව දිලිත් ජයවීර මහතා සඳහන් කළේය. අද (24) පස්වරුවේ මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“අග්‍රාමාත්‍යවරිය කියනවා එක්කෙනෙකුට විතරයි වාහන දීලා තියෙන්නේ කියලා. ඒත් චාමර මන්ත්‍රීතුමා කියනවා ඔක්කොම තියෙන්නේ මාදිවෙල කියලා. මමත් දකිනවා ඒ අයට පාර්ලිමේන්තුවට වාහනවලින් එනවා. වේල් තුනක් කන්න බෑ රුපියල් 2000කට පෙට්ටි කඩේන් බත් පැකට් එකක් ගත්තාත්. බිමල් රත්නායක මහත්මයා කියපු විදිහට කිව්වොත් වියදමට සරිලන ගාස්තුවක් අයකරන්න ඕනා. රුපියල් 2000 කියන්නේ කොස්ට් එක නෙමෙයි. මම ඒ බුෆේ එක දැකලා තියෙනවා. මම කියන්නේ නිවැරදි ගණනයක් කරන්න ඕන ජනතාව නොමග යවන්න බෑ.”

Related posts

ප්‍රභූ ආරක්ෂක සේවයේ සිටි නිලධාරීන් 1,145 දෙනෙක්, පොලිස් ස්ථාන වෙත ස්ථාන මාරුකරමින් වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්.

Editor O

Organised Crimes Division to question ‘Andarewatte Chamara’

Mohamed Dilsad

ஹீனடியன சங்கா கைது

Mohamed Dilsad

Leave a Comment