Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 24,700ක් : රු.මිලියන 207 දඩ ආදායමක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය වසරේදී සිදු කළ වැටලීම්වලින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදල් අය කරගෙන තිබේ. එහිදී වැටලීම් 24,761ක් සිදුකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නඩු පැවරීම් 23,953ක් සිදුකර තිබේ. උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සදහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, තොග සගවා තබා ගැනීම, බිල්පතක් ලබා නොදීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර තිබුණා.

Related posts

ප්‍රදේශ රැසකට වැසි රහිත කාළගුණයක්

Mohamed Dilsad

Body found inside a burnt house in Digana

Mohamed Dilsad

හෙට අලුයම මැනිං වෙළඳපොළ විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment