සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවන බව හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසයි.
ඒ අනුව ඉදිරි දින 10 ක කාලය තුළ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නවීන් දිසානායක මහතා සඳහන් කළේය.