බෙලරූස් ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ජයග්‍රහණය කර ඇත. ඔහු ජනාධිපති ධූරයට පත්වූයේ 7 වන වතාවට වීම විශේෂත්වයක්.
ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 1994 වසරේ සිට බෙලරූස් හි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහු මෙම ජයග්‍රහණයත් සමග 2030 වසර දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇත. ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 86.82%ක ජයග්‍රාහී ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබේ.