Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (30) පස්වරුවේ පැවැත්වුණි. කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති බව සඳහන් ය.

අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ බව ඊට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මේ සඳහා එක්ව සිට ඇත.

සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි. මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් ද ඊට එක්ව තිබේ.

Related posts

Body of missing 10-year-old found in Iranawila – Chilaw

Mohamed Dilsad

இராணுவத்தின் பொது மன்னிப்பு காலமானது நீடிப்பு

Mohamed Dilsad

Langer firms up possibility of Smith, Warner returns for Pakistan ODIs

Mohamed Dilsad

Leave a Comment