විනිමය අනුපාතය අඩු වීම, වැඩි වීම සහ ආර්ථිකයේ ප්‍රගතිය මැනිය නොහැකි බවත්, රටක මුදල් ඒකකය අවප්‍රමාණය හෝ අධිප්‍රමාණය වීමට ආර්ථකමය වශයෙන් විවිධ හේතු බලපාන බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීවේය. රටවල භාවිතා කරන මුදල් ඒකකයේ වටිනාකම අඩු වෙනවා. වැඩි වෙනවා. කාලෙන් කාලෙට එක එක හේතු නිසා. එතකොට අපේ ශ්‍රී ලංකා රුපියල ගත්තොත් 2022 දී 370ට තිබුණ එක තමයි දැන් මේ අවුරුදු දෙකක් තිස්සේ යම් කිසි ආකාරයකට 290, 300 මට්ටමේ දැනට රැදී පවතින්නේ. එතකොට පහුගිය අවුරුදු දෙකක් තිස්සෙම මම හිතන්නේ 45% කින් අවප්‍රමාණය වුණා 2022 අවුරුද්දේ. ඊට පස්සේ 12%කින් අධිප්‍රමාණය වෙලා තියනවා 2023. 2024 10%කින් අධිප්‍රමාණය වෙලා දැන් මේ වෙනකන් 1.8කින් අවප්‍රමාණය වෙලා තියනවා. ඉතින් මේක අපි බැලුවොත් අපි කියන විදිහට වෙළෙඳපොල විනිමය අනුපාතය තීරණය වෙන්නේ වෙළෙඳපොල ඉල්ලුම සහ සැපයුම අනුව ඒ අනුව මේක අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. මේකේ වැදගත්කම තමයි විනිමය අනුපාතය අඩු වීම, වැඩි වීම සහ ආර්ථිකයේ ප්‍රගතිය මනින්න බැහැ. ඒකට හොදම උදාහරණ දෙක තමයි මම කලින් සඳහන් කරෙත් ඉන්දියාව සහ චීනය තමයි දැනට වසර ගණනාවක් තිස්සේ වැඩිම ආර්ථික වර්ධනයක් වෙන්නේ. හැබැයි ඉන්දියන් රුපියල දැනට ඉතිහාසයේ අඩුම අගය තියෙන්නේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව. ඒ තියෙන්නෙත් ඩොලර් බිලියන 640ක්. සංචිත තියෙද්දිත් ඉන්දියානු මහ බැංකුවට ඉන්දියන් රුපියලේ අගය තියෙන්නේ අඩුම අගය මෑත කාලයේ. ඒ වගේම තමයි චීනය. ඒකත් ට්‍රිලියන 3.2ක් සංචිත තියෙද්දි. දැනට ඇත්ත වශයෙන්ම අඩුම අගයක තමයි චීනේ ඒ මුදලේ වටිනාකම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂයි. මොකද ඩොලරය පහුගිය කාලේ හැම දේත් එක්කම විශාල වශයෙන් අධිප්‍රමාණය වුණා. අනිත් එක තමයි රටවල් වල සංචිත තිබ්බත් ඒක වෙළඳපොල අනුව තීරණය කරන්න තමයි ඒක දීලා තියෙන්නේ. ඒ අනුව අර ඉන්දියාවේ රුපියල අවප්‍රමාණය වෙලා තියනවා කියන එක හරි චීනයේ යුවාන් එකේ අගය අවප්‍රමාණය වෙලා තියනවා කියන එකේ තේරුම හැගෙන්නේ නැහැ. මේ ආර්ථිකය ඒ ආකාරයෙන්ම worst performing economy නෙවෙයි worst performing currency එක වෙන්න පුළුවන්. ඒක වෙළෙඳපොල අනුව කාලෙන් කාලෙට අඩු වෙනවා වැඩි වෙනවා ඒක තමයි මෙතන පැහැදිළි කරන්න අවශ්‍ය වෙන්නේ. අර ඒ වගේ සංචිත තිබිලත් ඒ රටවල් වල ප්‍රතිපත්තියක් විදිහට වෙළෙඳපොල අනුව තීරණයට ඉඩ දීලා තියනවා. වෙළෙඳපොළ මැදිහත් වෙන්නේ නැතුව artificial ඒක කන්ට්‍රෝල් කරලා නැහැ.
ඒ රට වල මුදල් ප්‍රතිපත්තිය අනුව. ඒක තමයි අපෙත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක විනිමය අනුපාතය ඉල්ලුම සැපයුම විදේශ විනිමය ඉපයීම වගේ දේවල් අනුව අඩු වෙන්නත් පුළුවන්. වැඩි වෙන්නත් පුළුවන්. දැන් අපි දැක්කා පහුගිය දවස් වල ටිකක් අවප්‍රමාණය වුණා. පහුගිය ටිකේ ආයෙත් සැරයක් අනිත් පැත්තට ගියා. ඒ වගේ වෙනස් වෙවි යම් කිසි ආකාරයකට වෙනස් වීම් වෙන එක තියන ක්‍රමය තුළ බලාපොරොත්තු විය යුතු දෙයක්. ඒකෙන් පෙන්නුම් කරන්නේ නැහැ ආර්ථිකය අඩු වැඩි වෙනවා කියන එක. ඒක තමයි වැදගත් පණිවිඩය මෙතනින් කියන්න තියන.” ලෙස පැවසීය.