Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සංස්ථාවක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් 6,146,110 මුදලක් 2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව මත හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මාලඹේ ඉසුරුපුර පදිංචිකරුවෙකි.

ඉකුත් මස 22 මෙම චෝදනාවටම හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහරිනු ලැබීය.

Related posts

ஐனாதிபதி தேர்தல் – அரச சொத்துக்களை பயன்படுத்தியமை தொடர்பில் விசாரணை

Mohamed Dilsad

මැයි 06 : හර්තාල් කමිටුවෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

இரும்பு வளைக்கும் இயந்திரம் கண்டுபிடிப்பு

Mohamed Dilsad

Leave a Comment