(උදයම්,පුත්තලම) – බංගදෙණිය,ආනමඩුව ප්රධාන මාර්ගයේ පල්ලම ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත.
තරුණයින් දෙදෙනා ආරච්චිකට්ටුව සිට පල්ලම ප්රදේශයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සදහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඇත.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ එම ප්රදේශයේම පදිංචි 20 සහ 21 වයස් වල පසුවන තරුණයන් දෙදෙනෙකි