Trending Newsඑසැන පුවත්දේශීය

නිදහස් දිනය දා රැඳවුවන් 285 දෙනෙකුට රාජ්‍ය සමාව

ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සඳහන් කළේ, මෙලෙස නිදහස හිමිවන පිරිස අතර අතර රැඳවුවන් 279 දෙනෙකු සහ රැඳවියන් 06 දෙනෙක් වන බවයි.

මීට අමතර ව 77 වන නිදහස් දිනයට සමගාමීව අද (04) දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රැඳවූවන් බැලීම සඳහා අමුත්තන්ට අද (04) විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.

ඒ අනුව, ඥාතීන් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදිය හැකියි බවයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

Related posts

இன்று இரண்டாம் தவணைக்கான பாடசாலைகள் ஆரம்பம்

Mohamed Dilsad

රනිල්, හර්ෂ, කබීර් ඇතුළු විපක්ෂ ප්‍රභලයෝ පිරිසක් ඇමරිකා තානාපතිනිය හමුවෙයි.

Editor O

ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment