Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්, රට හදන්න වෙච්ච මහන්සිය ගැන එජාප සභාපති වජිර කියයි

රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය භාර­ගත් පසු 25 වතා­වක් විදෙ­ස්ගත වූ බවට චෝදනා නැඟු­වත් එලෙස විදේ­ශ­ගත වූයේ පැවති ආර්ථික අර්බු­ද­යෙන් රට මුදා­ගැ­නී­මට ජාත්‍ය­න්තර සහ­යෝ­ගය ලබා­ගැ­නී­මට පම­ණක්ම බව එජාප සභාපති වජිර අබේ­ව­ර්ධන පවසයි.

“රනිල් වික්‍ර­ම­සිංහ මහතා ජනා­ධි­පති ධුරය භාර­ගැ­නී­මෙන් පසු රට ඔසවා තැබීම වෙනු­වෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කට­යුතු කළා. නමුත් එතුමා ඒ දේවල් තැන්තැ­න්වල කීමට කාලය වැය කළේ නැහැ.

මේ රටේ ඇත්ත­ටම සාපය කුමක් ද කියා ජන­තාව දැන්වත් තේරු­ම්ගත යුතුයි. වර්ත­මාන ආණ්ඩුව බල­යට ආවේ 77 වස­රක සාප­යක් ගැන කියලා. ඉතින් බල­න්නකෝ මේ සාපය තිබුණු අවු­රුදු 77ටම පොල් ගෙඩිය රුපි­යල් 100යිනේ. රනිල් වික්‍ර­ම­සිංහ 8 වැනි විධා­යක ජනා­ධි­පති ලෙස කට­යුතු කර රට භාර දී යන­කොට පොල් ගෙඩිය 100 යි. නමුත් මේ ආණ්ඩුව බල­යට ඇවිත් දින 77ක් යන­කොට පොල් ගෙඩිය රුපි­යල් 250 යි. ඉස්ස­ර­හට රුපි­යල් 300ට විතර යයි. ඒ විත­රක් ද රට පුරා හාල් හිඟ­යක් ඇති­වෙලා. ඒ ප්‍රශ්නෙට උත්ත­ර­යක් හොයා­ගන්න බැරි ආණ්ඩුව අද රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට පුළු­වන් හැම විදි­ය­ටම දොස් කිය­නවා.

හාල් විත­ර­කුත් නෙමෙයි අද ලුණුත් පිට­ර­ටින් ගෙන්වන්න පටන් අරන් තිය­නවා. 2004 දී සුනා­මිය ආව වෙලාවේ ලංකාව වටේ තිබුණු ලුණු ලේවා­යන් සිය­ල්ලම වගේ විනාශ වුණා. නමුත් ලුණු පිට­ර­ටින් ගෙන්නුවේ නෑ. ඒ නිසා තමයි මම කිව්වේ රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා මේ රට පාල­නය කර­ද්දීත් ඔය කියන රිළව් හිටියා. රනි­ලුත් හිටියා, පොලුත් තිබුණා. ලංකාවේ ප්‍රධාන හාල් මෝල් හිමි­යන් පස් දෙනාත් හිටියා, රනි­ලුත් හිටියා, හාලුත් තිබුණා.

කොච්චර කිව්වත් අපේ රටේ මහ­ජ­න­තාව ඒක ඇහුවේ නෑනේ. දැන් ඉතින් රටේ මහ­ජ­න­තා­වම හොඳට හිතලා බලන්න ඕනෑ අවු­රුදු 77ක සාපය ද දවස් 77ක සාපය ද වඩාත් හොඳ කියලා? රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්මයා ජනා­ධි­පති ධුරය භාර­ගෙන ගෙද­රට වෙලා නිදා­ගෙන හිටියේ නැහැ. රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා කිසිම දව­සක අර­ලි­ය­ගහ මන්දි­රයේ හෝ ජනා­ධි­පති මන්දි­රයේ නිදා­ගෙන නැහැ. තව­මත් රට හදන්න පුළු­වන් එකම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ පම­ණයි“

Related posts

Indonesian President to visit Sri Lanka

Mohamed Dilsad

Australian captain called back with Warner & Bancroft

Mohamed Dilsad

Mathews plays saviour again as Sri Lanka defy New Zealand

Mohamed Dilsad

Leave a Comment