Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පාර්ලිමේන්තුවට ලැබී නැහැ – කථානායක

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් තමා වෙත ලැබී නොමැති බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසීය.

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කරන බව පසුගිය 27 වනදා නිවේදනය කළේය.

Related posts

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

Editor O

නිරුවත් ඡායාරූප ගත් තරුණයා අත්අඩංගුවට

Mohamed Dilsad

சீனாவில் சக்திவாய்ந்த நிலநடுக்கம்

Mohamed Dilsad

Leave a Comment