(උදයම්,කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තතත්වයත් සමග කළුතර ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි.
කළුතර, පැලවත්ත , නෙළුව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී ඇති බව වාර්තාවේ.
එසේම 6 වන කිලෝමීටර් කණුව ආසන්නයෙන් එම මාර්ගයට පස් කන්දක් ද කඩා වැටීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.
මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.