Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිෂමෙන් අත්අඩංගුවට ගනී

රේගුව නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිතුක් කරමින් එම කොමිෂන් සභාව දන්වා සිටියේ, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය කොමසාරිස්වරයා රඹුක්කන ප්‍රදේශයේ පදිංචි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ රාජකාරි සිදුකළ මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇති අයෙක් බවයි.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතු වලට අදාළව, ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වර්ගයේ රථයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී මෙම නීතිවිරෝධී ලියාපදිංචි කිරීම පිළිබඳ කරුණු හෙළි වී ඇත.

ඒ අනුව සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 25,000ක මුදල් ඇප හා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැර ඇත.

ඊට අමතරව මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයාට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

මෙම සැකකරු විසින් බස් රථ තුනක් සඳහා පරම අයිතිය වෙනස් කර පවරා ගැනීමේ කටයුතු සඳහා අල්ලස් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවකට අදාළව සිදු කරන ලද වැටලීමක ද පසුගිය වසරේ ඔක්තෝබර් මස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සම්බන්ධ විමර්ශන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය නිවේදනයේ දක්වා තිබේ.

Related posts

பெரும்பாலான மாகாணங்களில் 100 மில்லிமீற்றர் அளவிலான மழைவீழ்ச்சி

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Netflix aims for 470 originals by year’s end

Mohamed Dilsad

Leave a Comment