Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

තායිලන්තයේ උබෝන් රාජධානියේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් පාර්ලිමේන්තුවට වැඩම කරති

තායිලන්තයේ උබෝන් රාජධානියේ මහා සංඝනායක උබෝන් ප්‍රාකෘ වජිරකූන් ස්වාමීන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් පසුගිය පෙබරවාරි 05 වැනි දා පාර්ලිමේන්තුවට වැඩම කළහ.

මෙහීදී තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ඇතුළත් යොජානාවලියක් දැරණියගල වේරුපල්ල ශ්‍රී අභිනවාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය අවිස්සාවේල්ල වග ශ්‍රී වජිර වංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලාංකික සාමණේර වහන්සේලා 25 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 125ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම, ශ්‍රී ලංකාව තුළ ලෝක බෞද්ධ මාධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා තායි ජනතාව ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් සංචාරය කරවීම, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මෙරට රජයේ මැදිහත්වීම මත මෙම වසරේ තායිලන්ත වෙසක් උත්සවයක් පැවැත්වීම යන යෝජනා ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා බෞද්ධ දර්ශනයේ සැබෑ අරුත ලොවට ගෙනයාම වෙනුවෙන් දක්වන්නාවූ මේ ප්‍රයන්තය වෙනුවෙන් සිය ගෞරවපුරක ස්තූතිය පිරිනැමුවේය. ඵමෙන්ම සම්බුද්ධ දේශනාවේ වටිනාකම් පිළිබඳව කරුණු පෙන්වාදෙමින් ගරු කථානායකවරයා මෙලෙස ඉදිරිපත්වූ යෝජනා පිළිබඳව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් දැනුවත්කර උන්වහන්සේලාගේ ද අවවාද අනුශාසනා මත ඉදිරිකටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය. එමෙන්ම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතාද මෙහිදී අදහස් දක්වමින් දෙරට අතර දිගුකාලයක් පුරා පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව සිහිපත් කරමින් බෞද්ධාගම පෝෂණය කිරීමට දක්වන දායකත්වය පිළිබඳව සිය ප්‍රණාමය පුදකර සිටියේය.එමෙන්ම වැඩි දුරටත් අදහස දැක්වූ ගරු අමාත්‍යවරයා ඉදිරියටත් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය රාජතාන්ත්‍රික සහාය ලබාදීමට සුදානම් බව පැවසුවේය. තවද මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගොඩ නැගී ඇති බෞද්ධාගමික සබඳතා ඔස්සේ දෙරටේ ජනතාවට ලබාගත හැකි යහපත්වූ දිවිපැවැත්ම පිළිබඳව ද සිහිපත් කාලාය.

මෙහිදී තායිලන්තයේ උබෝන් රාජධානියේ මහා සංඝරත්නය ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුහ.

මේ අවස්ථාව සඳහා තායිලන්ත බෞද්ධ අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යක්ෂ ශ්‍රී සොහිත් වට්ටය එම් ෆා තෘකන්පාක් පොන්ග් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ එරට තාවකාලික පැවිදි දිවියට පැමිණි උපාසිකාවන් එම පිරිස අතර වූහ.

මේ අවස්ථාව සඳහා කථානායක ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙ‍නෙවි, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගිවුහ.

තායිලන්තයේ උබෝන් රාජධානියේ මහා සංඝනායක උබෝන් ප්‍රාකෘ වජිරකූන් ස්වාමීන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් පසුගිය පෙබරවාරි 05 වැනි දා පාර්ලිමේන්තුවට වැඩම කළහ.

මේ අවස්ථාව සඳහා ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි, පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගිවුහ.

මෙහීදී තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ඇතුළත් යොජානාවලියක් දැරණියගල වේරුපල්ල ශ්‍රී අභිනවාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය අවිස්සාවේල්ල වග ශ්‍රී වජිර වංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ශ්‍රී ලාංකික සාමණේර වහන්සේලා 25 දෙනෙක් සඳහා රුපියල් ලක්ෂ 125ක් වටිනා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම, ශ්‍රී ලංකාව තුළ ලෝක බෞද්ධ මාධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා තායි ජනතාව ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් සංචාරය කරවීම, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මෙරට රජයේ මැදිහත්වීම මත මෙම වසරේ තායිලන්ත වෙසක් උත්සවයක් පැවැත්වීම යන යෝජනා ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් ගරු කථානායකවරයා බෞද්ධ දර්ශනයේ සැබෑ අරුත ලොවට ගෙනයාම වෙනුවෙන් දක්වන්නාවූ මේ ප්‍රයන්තය වෙනුවෙන් සිය ගෞරවපුරක ස්තූතිය පිරිනැමුවේය. ඵමෙන්ම සම්බුද්ධ දේශනාවේ වටිනාකම් පිළිබඳව කරුණු පෙන්වාදෙමින් ගරු කථානායකවරයා මෙලෙස ඉදිරිපත්වූ යෝජනා පිළිබඳව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් දැනුවත්කර උන්වහන්සේලාගේ ද අවවාද අනුශාසනා මත ඉදිරිකටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව පැවසුවේය. එමෙන්ම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතාද මෙහිදී අදහස් දක්වමින් දෙරට අතර දිගුකාලයක් පුරා පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳව සිහිපත් කරමින් බෞද්ධාගම පෝෂණය කිරීමට දක්වන දායකත්වය පිළිබඳව සිය ප්‍රණාමය පුදකර සිටියේය.එමෙන්ම වැඩි දුරටත් අදහස දැක්වූ ගරු අමාත්‍යවරයා ඉදිරියටත් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය රාජතාන්ත්‍රික සහාය ලබාදීමට සුදානම් බව පැවසුවේය. තවද මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගොඩ නැගී ඇති බෞද්ධාගමික සබඳතා ඔස්සේ දෙරටේ ජනතාවට ලබාගත හැකි යහපත්වූ දිවිපැවැත්ම පිළිබඳව ද සිහිපත් කාලාය.

මෙහිදී තායිලන්තයේ උබෝන් රාජධානියේ මහා සංඝරත්නය ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකටද එක් වුහ.

මේ අවස්ථාව සඳහා තායිලන්ත බෞද්ධ අධ්‍යාපන විද්‍යාලයේ අධ්‍යක්ෂ ශ්‍රී සොහිත් වට්ටය එම් ෆා තෘකන්පාක් පොන්ග් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ එරට තාවකාලික පැවිදි දිවියට පැමිණි උපාසිකාවන් ඇතුළු සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වුහ.

Related posts

பொப்பிசை சக்கரவர்த்தி ஏ.ஈ. மனோகரன் காலமானார்

Mohamed Dilsad

කොරෝනා බවට සැක රෝගීන් 222ක් රෝහල්වල

Mohamed Dilsad

“I will enter politics when time is right” – Gotabaya Rajapakse

Mohamed Dilsad

Leave a Comment