Trending Newsඑසැන පුවත්දේශීය

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක්

යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි.

විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව මෙම සිසුන් අතර ගැටුමක් හටගෙන ඇති බවය. විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ හා සිව්වන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ (09) සවස ගැටුම හටගෙන තිබුණි.

ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කොට බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Related posts

සුසිල් ප්‍රේමජයන්ත මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

Cabinet approves to integrate to SAITM students to KDU

Mohamed Dilsad

පොසොන් පෝය අදයි.

Editor O

Leave a Comment