Trending Newsඑසැන පුවත්දේශීය

දාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් නොකළහොත් තිස්ස විහාරය බිඳ දමනවා – ශ්‍රී ධරන්ගෙන් ප්‍රකාශයක්

අනවසර ඉදිකිරීමක් ලෙස සලකා රජය යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් ඉවත් නොකළහොත් ඉඩම්වල අයිතිකරුවන් සෙසු පිරිස සමග එකතු වී බලහත්කාරයෙන් එම ඉදිකිරීම් ඉවත් කරණු ඇතැයි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ (09) යාපනයේදී ප්‍රකාශ කළේය.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, යාපනයේ මාධ්‍ය සමග පැවති සාකච්ඡාවකදී යාපනයේ වර්තමාන තත්ත්වය විස්තර කරමිනි.

රජයේ ඉඩම් වල සාමාන්‍ය ජනතාව ඉදි කිරීම් සිදු කළ විට ඒවා අනවසර ඉදිකිරීම් ලෙස සලකා ඉවත් කිරීමට පියවර ගන්නේ නම් ඔප්පු සහිත ඉඩම්වල වෙනත් පාර්ශ්වයක් බලහත්කාර ලෙස ඉදිකිරීම් සිදුකොට ඇත්නම් ඉඩම් වල අයිතිකරුවන්ට තමන්ගේ නොවන ඉදිකිරීම් ඉවත් කිරීමට බලයක් ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ මස 11 වෙනිදා සිට මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් අරම්භ කරන බවත් රජය ඊට යම් පියවරක් අනුගමනය නොකරන්නේ නම් තිස්ස විහාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් හිතුවක්කාර තීරණ ගැනිමට තමන් ජනතාව සමග එක්වන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

මෙම විරෝධතාවයට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ද ඩග්ලස් දේවානන්දාගේ ඊ.පී.ඩී.පී. පක්ෂයද, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ දෙමළ ජාතික ජනතා පෙරමුණද සහය දැක්වීමට කැමැත්ත ලිඛිතවම පල කොට තිබෙන බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

රජයේ නිලධාරීන් හා යාපනයේ බලධාරීන් තිස්ස විහාරය සඳහා යැයි කියමින් ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් කොල්ල කා විවිධ ඉදිකිරීම් කොට ඇති අතර මේ වන විට එම ඉඩම් වෙනුවෙන් විකල්ප ඉඩම් ලබාදීමට ක්‍රියා කිරීම විහිලුවක් බවද ඔහු ප්‍රකාශ කරයි.

යාපනයේ එකම බෞද්ධයෙකු හෝ නොමැති ප්‍රදේශයක අක්කර 14 ක අලුත් ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකිරීම් සිදු කොට එම පළාතම බෞද්ධ උරුමයන් සහිත බව ප්‍රකාශ කිරීම දැඩි අසාධාරණයක් බවද ශ්‍රීධරන් මන්ත්‍රීවරයා කියා සිටියි.

යාපනයේ තිස්ස විහාරයේ ප්‍රශ්නය මේ රටේ තවත් ජාතික ප්‍රශ්නයක් වීමට පෙර ඉතාම සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට වගකිවයුතු රජය බැදී සිටින බවද ඔහු ප්‍රකාශ කරයි

Related posts

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

Mohamed Dilsad

இம்முறை உலகக் கிண்ணம் அவுஸ்திரேலிய அணிக்கே?

Mohamed Dilsad

Two arrested for illegal firearm possession in Meetiyagoda

Mohamed Dilsad

Leave a Comment