Trending Newsඑසැන පුවත්දේශීය

යාපනය තිස්ස විහාරයට පහර දෙන බවට සමාජ මාධ්‍ය සටහනක් – ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න : යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත්

යාපනය තිස්ස රජමහා විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වීම හේතුවෙන් අධිකරණ නියෝගයන් කඩකිරීමේ චෝදනාවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතා යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙනී සිටීමෙන් පසුව ඇප මතා මුදා හැර ඇත.

මල්ලාකම් මහෙස්ත්‍රාත්වරිය වන ගයත්‍රි සෙල්වම් මහත්මිය විසින් මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමේ මෙම නියෝගය ලබා දී ඇති අතර නඩුව යලි ජුනි මස 26 වනද විභාග කැඳවීමටද නියෝග කළාය.

අධිකරණය හමුවේ පෙනී සිටි පොන්නම්බලම් මහතාගෙන් අධිකරණ නියෝගයන් කඩකරමින් විරෝධතාවයේ නිරත වීමට හේතුව මහෙස්ත්‍රාත්වරිය විමින් විමසන අවස්ථාවේදී පොන්නම්බලම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එස්. මහින්දන් මහතා අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ අධිකරණ නියෝගය නිසියාකාරව විධිමත්ව වෙලාවට නොලැබීම මත විරෝධතාවයට පෙනී සිටීමට සිදුවූ බවටත් එසේ නොමැතිව අධිකරණයට අපහාස කිරීමට කිසිදු චේතනාවක් පොන්නම්බලම් මහතාට නොතිබූ බවත්ය.

ඒසේම තිස්ස විහාරයට එල්ලවන යම් ප්‍රහාරයක් පිළිබඳව පොන්නම්බලම් මහතාගේ නමින් මුහුණු පොතේ සටහනක් සඳහන් කිරීම පිළිබඳව විමසීමේදී පොන්න්ම්බල්ම් මහතාගේ නීතිඥවරයා අධිකරණයට පෙන්ව දී ඇත්තේ පොන්නම්බලම් මහතාගේ නමින් වෙනත් අයෙකු මුහුණු පොතේ ගිණුමක් සාදා මෙම ප්‍රකාශය කොට ඇති බවටත් එයට පොන්නම්බලම් මහතා කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්ය.

ඉන් පසුව මහෙස්ත්‍රාත්වරිය විසින් පොන්නම්බලම් මහතාට ඇප ලබා දීමට පියවර ගත් අතරම අදාළ මුහුණු පොතේ ප්‍රකශය පිළිබඳව සොයා පරික්ෂණ වාර්ථාවක් ලබන නඩු දිනයට ඉදිරිපත් කරන ලෙසටද කන්කසන්තුරෙයි පොලීසියට නියෝග කළාය.

– වන්නි රොමේෂ් මධූෂංක

Related posts

මැතිවරණ රාජකාරීවල නිරතවූ නිලධාරීන්ට දැනුම්දීමක්

Editor O

Twelve Regional Offices of Missing Persons

Mohamed Dilsad

State Ministers to receive subjects and institutions

Mohamed Dilsad

Leave a Comment