Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය ඉදිරිපත් කිරීම ඇරඹේ – සජීවී විකාශය මෙතනින්

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආණ්ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කිරීම දැන් ආරම්භ විය’ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසි‍න් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

ජනාධිපතිවරයාගේ අයවැය කතාව

2025 වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරනවා.” 

“අර්බුදය සමනය කිරීමේ ඇතැම් ක්‍රියාමාර්ග විශේෂයෙන් පිරිවැය මත බලශක්ති මිල ගැලපුම, බදු වැඩිකිරීම හා පොලිය වැඩිකිරීම පුරවැසියා මත පීඩනයක් එල්ල කළා. 

“IMF කාර්ය අප විසින් තේරුම් ගෙන ඇති අතර, අපගේ ආර්ථික න්‍යාය පත්‍රිය අප විසින්ම සකසා කරගැනීම වෙනුවෙන් ආර්ථික ස්වෛරීත්වය අත්‍යවශ්‍ය බව අප වටහා ගෙන තිබෙනවා.”

“අප බලයට පැමිණෙන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නියැලුණු අතර, එය වෙනස් කළහොත් රට අස්ථාවර විය හැකි බැවින් එයට බාධා කිරීමට අපට උවමනා වුයේ නෑ….”

“අප බලයට පැමිණෙන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නියැලුණු අතර, එය වෙනස් කළහොත් රට අස්ථාවර විය හැකි බැවින් එයට බාධා කිරීමට අපට උවමනා වුයේ නෑ.” 

“මෙම තීරණය ගැනීමේ දී ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දැනටමත් වැය කර ඇති සැලකිය යුතු කාලය හා එම ක්‍රියාවලිය ප්‍රමාදවීමෙන් සිදුවිය හැකි පාඩුව ද අප සලකා බැලීය.” 

“මේ තුළින් සැලකිය යුතු මට්ටමක ණය සහනයක් ලැබී ඇති අතර, ණය සේවාකරණයට අදාළව පිරිවැය සැලකිය යුතු ලෙස අඩුකරනවා.”

“සීමිත බදු මුදල් ප්‍රමුඛතාවයෙන් පරිහරණය කිරීමේ ක්‍රමවේදයක් සකසනවා.”

“ආර්ථිකයේ විශාල ප්‍රජාතන්ත්‍රීකරණයක් අවශ්‍යයි.”

“ආර්ථිකයේ සියලු ප්‍රතිලාභ ආර්ථික ක්‍රියාවලියට දායක කරගන්නවා.”

“සාම්ප්‍රදායික මුදල් වෙන්කිරීමෙන් බැහැරව ප්‍රමුඛතා හඳුනාගෙන මුදල් වැය කළ අයවැයක්.”

“දේශීය ව්‍යවසායකයා සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගන්වන අයවැයක්.”

“මූල්‍ය විනය සහ ආර්ථික දැක්මක් සහිතව ඉදිරිපත් කළ අයවැයක්”

“දුෂණය, නාස්තිය අවම කරමින් සාමුහික විනයෙන් නව ගමනක් කරා යන ක්‍රමවේදයක් සකසනවා.”

“ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම අයවැයේ දර්ශනයයි”

“වියදම්වලින් හොඳම සමාජ ප්‍රතිලාභ ලබා ගැනීමට සීමිත බදු අරමුදල් ප්‍රෙව්ශසම් සමහගතව කළමණාකරණය කිරීමේ අප අවධානය යොමුකර තිබෙනවා.”

“කර්මාන්ත, සේවා, කෘෂි නිෂ්පාදනයේ වර්ඡනයක් සිදුවිය යුතුයි. ඒ සඳහා ජනතා සහභාගීත්වයක් අවශ්‍යයි.

“නිෂ්පාදන ප්‍රතිලාභ සාධාරණව බෙදී යා යුතුයි.”

“අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට, ගුණාත්මකව අඛණ්ඩව සැපයීමේ ක්‍රමවේදයක්.”

සෞඛ්‍ය, අධ්‍යාපන සේවයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා.”

අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සජීවීව නරඹන්න

Related posts

இராணுவத் தளபதி தொடர்பிலான தேர்தல் விளம்பரம் : ஜனாதிபதியிடம் விளக்கம் கோரி கடிதம் – மஹிந்த

Mohamed Dilsad

இலங்கை மருத்துவ சபைக்கு எதிரான மனுவை விசாரிக்க திகதி குறிப்பு

Mohamed Dilsad

Cocaine worth over Rs.10 billion incinerated

Mohamed Dilsad

Leave a Comment