Trending Newsඑසැන පුවත්දේශීය

මෙවර අයවැයෙන්, ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු කරලා.

වත්මන් ජනාධිපතිවරයා ජනවරමට පිටුපා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බව අයවැය මගින් පෙන්නුම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අයවැය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. තමන් එලෙස පවසන්නේ හේතු සහිතව බව පැවසූ ඔහු පෙන්වා දුන්නේ මේ අයවැයට අනුව ප්‍රාථමික ශේෂය 2.5ක් නඩත්තු කළ යුතු බවත් ප්‍රාථමික වියදම් දළ දේශීය නිෂ්පාදනයේ වියදමක් ලෙස 13%ක් කළ යුතු බවත් 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනතේ දැමූ 13%ක සීමාව IMF න්‍යාය පත්‍රයක් බවත් ය.

එමෙන්ම ප්‍රාථමික ශේෂය 2.5ක් පවත්වාගෙන යාමම IMF නිර්දේශ වන හෙයින් පැහැදිලිවම ඉතාමත්ම සීමාසහිත සම්පත් ප්‍රමාණයක් ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇති බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ. අයවැය තුළ ක්ෂුද්‍ර,කුඩා, මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය උගුලට, දුප්පත්කම තුරන් කරන්න විසදුම් නොමැති බවද ඔහු සඳහන් කරන ලදී.

ඉහළ ආර්ථික වර්ධනයක් ව්‍යවසායකත්වය හරහා නඩත්තු කිරීමක් මේ තුළින් සිදුනොවන බවත් වැවිලි කර්මාත්නය කෘෂිකර්මාතය හා ධීවර ක්ෂේත්‍රයට අදාළව දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් හෙතෙම පැවසුවේය.

මේ අයවැය කතාව හා රට අනුරට ප්‍රතිපත්ති මාලාව සංසන්දය කරන ලෙස තමන් ඉල්ලා සිටින බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

මෙවර ඉදිරිපත් කළ අයවැය කතාව සහ පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්ති මාලාව සංසන්දනය කළ යුතු අතර මේ තුළ අඩංගු පොරොන්දු මේ අයවැයේ කොපමණ ක්‍රියාත්මක කර ඇත්ද කියා සොයා බැලිය යුතු බවත් රට අනුරට කියන මේ ප්‍රතිපත්ති මාලාව තුළ ලොකු කේක් ගෙඩියක් හදනවා කියා පොරොන්දු වුවත් රට අනුරට නොව රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය වගනම් පෙනෙන්න ඇති බවත් විපක්ෂ නායකයා තවදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම මාස 6න් 6ට රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් ගැන පැවද අවසානයේ වැටුප් වැඩිවන්නේ වසර 3ක් තුළ සොච්චම් මුදලකින් බවත් එය අද පවතින ජීවන වියදමට ප්‍රමාණවත් නොවන බවත් පෞද්ගලික අංශයට දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ල බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වාදෙන ලදී.

Related posts

England hold crisis meeting after another thrashing by Windies

Mohamed Dilsad

රාජ්‍ය බැංකුවල ඇත්ත හෙළිකරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Australian Court sentenced Lankan babysitter who abused 2 boys

Mohamed Dilsad

Leave a Comment