Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැය අවසන් ඡන්ද වීමසීමෙන් පසු පළාත් පාලන ඡන්දයට නාම යෝජනා කැඳවන්න

මාර්තු 21 වනදා පැවැත්වෙන අයවැය අවසාන ඡන්ද විමසීමෙන් පසුව මැතිවරණය කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිෂමෙන් ඉල්ලීමක් කරයි.

විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (18) මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් හමුවීමට පැමිණි අවස්ථාවෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. “විශේෂයෙන්ම අවධාරණය කළේ මේ අයවැය ක්‍රියාදාමය තුළ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66ක් සහ පක්ෂ රාශියක් ඇති බවත් ඒ කාලවකවානුව තුළදී ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරය ඉටුකරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අපි බැඳිලා ඉන්නවා. මාර්තු 21න් පසුව මේ මැතිවරණ වැඩසටහනට යොමුවන්න කියන කාරණය මැතිවරණ කොමිෂමට ඉදිරිපත් කළේ. මාර්තු 21 වනදාට අයවැය අවසාන ඡන්දය පාර්ලිමේන්තුවේ. ඒක අවසන් වුණ වාහාම මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න. ඔන්න ඔය ඉල්ලීම ඉදිරිපත් කරන් අපි කොමිෂමට පැමිණියේ.”  

Related posts

இன்று(20) புதிய அமைச்சரவை பதவிப்பிரமாணம்

Mohamed Dilsad

இன்று உலக புகைத்தல் தவிர்ப்பு தினம்

Mohamed Dilsad

Fox shareholders agree to Disney deal

Mohamed Dilsad

Leave a Comment