Trending Newsඑසැන පුවත්දේශීය

සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට පැනවූ අතුරු තහනම දීර්ඝ කෙරේ

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා ඉකුත් 11 වනදා පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය.මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 14 වනදාට පෙර ගොනුකරන ලෙසය. ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 26 පෙර ගොනුකරන ලෙසත් අධිකරණය  නියෝග කළේය.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්.වී. චන්ද්‍රසිංහ මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

පෙත්සම්කරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉකුත් 11 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා තමා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් මීට පෙර අභියාචනාධිකරණය මඟින් අතුරු නියෝගයක් නිකුත් කර තිබූ බවය.

යම් හෙයකින් ඉදිරියේදී පැවැත්වෙන නඩු විභාගයේදී තමන්ව අදාළ දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට තීන්දුවක් ලැබුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම තුළින් දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඔහු කියා සිටියේය.

ඊට අමතරව සිය සේවාදායකයා සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව එම තනතුරු අහෝසි කිරීමට වග උත්තරකරුවන් කටයුතු කර තිබෙන බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණි. පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ චාමර නානායක්කාරවසම් මහතා පෙනී සිටියේය.

Related posts

Maduro willing to shake hands with Trump

Mohamed Dilsad

පිල්ලෙයාන් හමුවූයේ ඇයි…? නීතීඥ උදය ගම්මන්පිලගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Wennappuwa ASP arrested on bribery charge

Mohamed Dilsad

Leave a Comment