Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බිලියන 325ක වී ගන්න, බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන මෝඩ කතාද මේ..- ඩඩ්ලි සිරිසේන

මෙවර වී අස්වැන්න මිලට ගැනීම සඳහා රුපියල් බිලියන 325 ක් අවශ්‍ය බවත් රජය රුපියල් බිලියන පහක මුදලක් වෙන් කර පාට් දමමින් සිටින බවත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

මෙවර මෙට්‍රික් ටොන් බිලියන 26ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් දේශපාලනඥයින් තම නොහැකියාව, බැරිකම, නොදැනුවත්කම වහගන්න සහල් මාෆියාව කියා චෝදනා නඟන බවද ඔහු පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලයේ ඩොලරය පහළ අගයක තියෙද්දී පොහොර සදහා රුපියල් බිලියන 42ක් වෙන්කර ඇති බවත් අද ඩොලරය 300 වෙද්දී වෙන් කර ඇත්තේ බිලියන 35ක් පමණක් බවත් ඔහු පැවසුවේය. කොළඹ සංවිධානය කර තිබූ පශ්චාත් අයවැය සංවාද සභාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

“හැම දේශපාලනඥයකුටම රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි ඕන. රටේ ප්‍රශ්න ඇතිකරන්නයි ඕන. රටේ කන්න සහල් නෑ, පොල් නෑ, මොකක්ද මේ ? මාෆියාව කියලා තමන්ගේ නොහැකියාව, බැරිකම , නොදැනුවත්කම වහගන්න හදනවා. දැන් බලන්න පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවීම රුපියල් 30000ක් කියන්නේ මොකක්ද ? රුපියල් 30000ක් දීලා මිනිස්සු තියාගන්න පුළුවන් ද ? ඕක අයවැයෙන් කියන්න දෙයක්ද ? මොනවද මේ මෝඩ කතා”

Related posts

மண்ணெண்ணெய் விலையை குறைக்க அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

Facebook needs to do lot more, says New Zealand PM

Mohamed Dilsad

புதிய அரசியல் அமைப்பு தொடர்பில் ஐக்கிய தேசிய கட்சி, ஸ்ரீலங்கா சுதந்திர கட்சி இன்று சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment