Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රස්ත සංවිධාන 15ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක්

එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙලෙස තහනමට ලක් වූ සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින්වර මුදල් සැපයීම සිදු කර ඇති බව සදහන් වේ. ඒ අනුව එම සංවිධානවන මූල්‍ය වත්කම් සහා ආර්ථික සම්පත් තහනමට ලක්කර ඇත.

මීට අමතරව ත්‍රස්තවාදය හා සම්බන්ධ පුද්ගලයන් 222කගේ නාම ලේඛනයක් ද මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

තහනම් කළ ත්‍රස්තවාදී සංවිධාන 15

1 ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය

2 දෙමළ පුනරුත්ථාපන සංවිධානය

3 දෙමළ සම්බන්ධීකරණ කමිටුව

4 ලෝක දෙමළ ව්‍යාපාරය

5 දේශසීමා ඉක්ම වූ දෙමළ ඊලම් රාජ්‍යය 

6 ලෝක දෙමළ සහනසාධක අරමුදල

7 මූලස්ථාන කණ්ඩායම

8 ජාතික තව්හිද් ජමාත්

9 ජමාතේ මිලාතේ ඊබ්‍රාහීම්

10 විලයාත් අස් සෙයිලානි

11 කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය

12 ද්‍රවිඩ තරුණ සංවිධානය

13 දාරුල් අදර් අත්තබවියා

14 ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය ව්‍යාපාරය

15 සේව් ද පර්ල්ස් 

Related posts

வடக்கிற்கான புகையிரத சேவை பாதிப்பு

Mohamed Dilsad

සජිත් සහ එජාප පළාත් පාලන නියෝජිතන්ගේ හමුවක්

Mohamed Dilsad

அதிகாரப் பகிர்வு என்ற பேச்சு எழுவது பேரினவாதத்தின் காரணத்தினால் தான் – சுமந்திரன் [VIDEO]

Mohamed Dilsad

Leave a Comment