Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් වැරැදිවලට ජවිපෙ ත් වගකිව යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

මහින්ද රාජපක්ෂ මහතා 2005 වසරේදී මෙරට ජනාධිපති කිරීමට සියයට සියයක් දායකවූවේ ජනතා විමුක්ති පෙරමුණ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(24) අය වැය විවාදයට එක්වෙමින් පැවසීය.

ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී සිදුවූ ඇතැම් වැරදි වලට ජවිපෙත් වගකිවයුතු බවද කීවේය.එනිසා 76 වසරක සාපයට ජවිපෙ අයත් නැතැයි කියා කිවනොහැකි බවද සඳහන් කළේය.උතුරේ පුස්තකාලය සංවර්ධනයට මුදල් වෙන්කිරීමට වඩා එම ප්‍රදේශවල ජනතාව බලාපොරොත්තු වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහා ගිය බලයක් බවත් එය ලබාදෙන බව වත්මන් රජය බලය ලබාගැනීමට පෙර පොරොන්දුවූ බවත් කීවේය.

Related posts

Central Bank to study debt levels in North and East

Mohamed Dilsad

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට

Mohamed Dilsad

කැබිනට් මණ්ඩල සංශෝධනය හෙටද?

Mohamed Dilsad

Leave a Comment