Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ සේවයට දේශපාලනික පත්වීම් කරන බවට නිවේදනයක් නිකුත් කළැයි විදේශ ඇමැති විජිත හේරත්ගෙන්, නිලධාරීන්ට දෝස් මුරයක්

විදේශ සේවයට දේශපාලනික පත්වීම් කරන බවට නිවේදනයක් නිකුත් කිරීම ගැන විදේශ කටයුතු ඇමැති විජිත හේරත් ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරින් දෝෂදර්ශනයට ලක්කර ඇත.

යම් ප්‍රකාශයක් කිරීමට පෙර දේශපාලන බලධාරින් සමග සාකච්ඡා කිරීමට ඉඩ තිබුණු බවත් එසේ නොකොට නිවේදන නිකුත් කරන්නේ නම් ප්‍රසිද්ධ මාධ්‍යයෙන්ම ප්‍රශ්න විසඳාගන්නා ලෙස කියමින් ඇමැතිවරයා එම නිලධාරින් විවේචනය කර තිබේ.

විජිත හේරත් ඇමැතිවරයා මේ විවේචනය කර ඇත්තේ විදේශ සේවා පත්කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය ඉල්ලීමක් කළ අවස්ථාවේය. ඇමැතිවරයා ඉල්ලා සිටි සාකච්ඡාව ලබා දී නැති අතර ඒ වෙනුවට එම නිලධාරින් දැඩිව විවේචනය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජනබලවේග ආණ්ඩුව ද පෙර පැවැති ආණ්ඩු මෙන් විදේශ සේවයට දේශපාලන පත්වීම් කරන බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කළේය. ජාතික ජනබලවේග 2024 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘විදේශ සේවය නිර්දේශපාලනීකරණය කිරීම සඳහා කුසලතා මත පදනම්ව පත්කිරීම් සිදුකිරීමට වහා ක්‍රියා මාර්ග ගත යුතු’ බව සඳහන් කළ ද ඊට පටහැනිව කරන දේශපාලන පත්වීම් සිය සංගමය තැතිගන්වනසුළු යැයි එම නිවේදනයේ සඳහන් කර තිබුණි.

Related posts

பொல்கஹவெல தொடரூந்து போக்குவரத்து தொடர்ந்தும் பாதிப்பு

Mohamed Dilsad

சைட்டம் நிறுவனத்திற்கு எதிராக தேங்காய் உடைப்பு!

Mohamed Dilsad

Open arrest warrant issued against Udayanga Weeratunga

Mohamed Dilsad

Leave a Comment