Trending Newsඑසැන පුවත්දේශීය

සිඟිති පාතාලයෝ දෙදෙනෙක් සහ වීඩියෝ ශිල්පියා පොලිස් බාරයට

තරුණයින් කිහිපදෙනෙකු විසින් තරුණයෙකුට පහරදෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විර්මශනයක ආරම්භ කරන ලදි

ඒ අනුව මෙම සිදුවීම කෑගල්ල ප්‍රදේශයේ සිදුව ඇති බවට අනාවරණය වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ කෑගල්ල පොලිසිය විසින් විර්මශන ආරම්භ කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කෑගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පහර දීම සිදු කළ තරුණයින් දෙදෙනා සහ එම සිදුවීම වීඩියෝගත කළ තරුණයාද වේ. මෙහිදී පහරකෑමට ලක් වූ තරුණයා රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු පිටව ගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 16 හා 17 අතර වයස් වල පසුවන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධව කෑගල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.

මෙය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම තුළින් කෙටි කාලයක් තුළ සැකකරුවන් පොලිස් බාරයට ගැනීමට හැකියාව ලැබුණු අතර, මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු වේනම් ශ්‍රී ලංකා පොලිසියේ 1997 කෙටි දුරකථන අංකය වෙත දැනුම් දීමේ හැකියාවද ඇත.

Related posts

மறைந்த பிரம்மானவத்தே சீவலீ தேரர் தமிழ் மக்களின் உள்ளங்களையும் வென்றெடுத்தவர் – பிரதமர்

Mohamed Dilsad

ஞானசார தேரருக்கு பலத்த பாதுகாப்புக்கு மத்தியில் இன்று அறுவைச் சிகிச்சை

Mohamed Dilsad

රජය පිස්සු කෙලින්නෙපා | ජනතාවට කොස්ස ගන්න තියන්නෙපා – සීලරතන හිමි [video]

Mohamed Dilsad

Leave a Comment