Trending Newsඑසැන පුවත්දේශීය

දේශබන්දු නිවසේ නැතිලු

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සෝදිසියකට ලක් කර තිබේ. ඒ ඔහු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගයක් මතයි.

පොලිසිය විසින් සෝදිසියට ලක් කරන අවස්ථාවේදී ඔහු එම නිවසේ සිට නැති බවද වාර්තා වෙයි. 2023 වසරේ දෙසැම්බර් 31වෙනිදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම නියෝගය අධිකරණයෙන් නිකුත් කර තිබේ.

මේ අතර ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අධිකරණ නියෝගයක් මත ලොක්කෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ දී ඔහු සැඟවී ඇති බවය. නමුත් අද හෙටම ඔහු බාරවනු ඇතැයි තමා විශ්වාස කරන බවද හිතම කියා සිටියේය.

Related posts

அனுமதிப்பத்திரமின்றிய பட்டாசு உற்பத்தியாளர்களுக்கு எதிராக நடவடிக்கை…

Mohamed Dilsad

ரயில் சேவை வழமைக்கு

Mohamed Dilsad

අද දිනයේත් 186ක විදෙස්ගත කණ්ඩායමක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment