Trending Newsඑසැන පුවත්දේශීය

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් සහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.  ඒ අනුව කන්තලේ ජලාශයේ වාන් දොරටු 10ම විවෘත කර ඇති අතර කවුඩුල්ල වැවේ වාන් දොරටු 02ක්ද විවෘත කර තිබේ. 

මේ අතර මාදුරුඔය, කුඩාඔය පිටාර ගැලීමෙන් සහ වැසි ජලය හමුවේ ප්‍රදේශ රැසක අස්වනු නෙළීමට තිබූ කුඹුරු අක්කර දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.

එමෙන්ම පැවති අධික වැසි හමුවේ ඌව පරණගම කහටතලාව ප්‍රදේශයේ පිහිටි වතු නිවාස පෙළක් පිටුපස පිහිටි පස් කන්දක් නායයෑමට ලක්ව තිබේ. මේ හේතුවෙන් එක් වතු නිවසකට හානි සිදුව ඇතැයිද සඳහන්. 

Related posts

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ලබන 25 දා විවාදයට

Editor O

Ten dead in Texas high school shooting

Mohamed Dilsad

திஹாரிய இஸ்லாமிய அங்கவீனர் நிலையத்தின் பணிப்பாளர் அல்-ஹாஜ் ஜிப்ரி ஹனீபா காலமானார்

Mohamed Dilsad

Leave a Comment