Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ඇති කරන විදිය ගැන හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවේ සමුළුවකදී කියයි.

ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව සමඟ ඇති කර ගන්නා ආර්ථික කොරිඩෝව හේතුවෙන් මේ  සියවසේ මැද භාගය වන විට ඩොලර් ට්‍රිලියන 6 ක ආර්ථිකයක් ඇති වන අතර මෙමගින් ශ්‍රී ලංකාව ඩොලර් ට්‍රිලියනක ආර්ථිකයක් බවට පත් කිරීමට හැකි වනු ඇතැයි viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ප්‍රකාශ කළේය. නවදිල්ලියේ භාරත් මණ්ඩපයේ පැවැති “එන්.එක්ස්.ටී” සම්මන්ත්‍රණය අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය. Nxt in South Asia’ යන මාතෘකාව යටතේ ආමන්ත්‍රණය කිරීමට ආරාධනාව ලැබුණු විට, මට විදේශ  සඟරාවක ලිපියක් සිහිපත් වූවා.   “දකුණු ආසියාවේ අවසානය: නමට පමණක් කලාපයක්” ලෙස එය නම්කර තිබුණා.  දකුණු ආසියාව යනු කුමක්ද යන ප්‍රශ්නයට එය මා යොමු කළා.එය ඉතා මෑත කාලීන නිර්මාණයක් වනවා. පාරිභාෂිතය පවා බටහිර යි. මේ යෙදුම ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කිසිදු ජාතික භාෂාවකින් හමු වන්නේ නැහැ.

දකුණු ආසියා සංකල්පය දෙවැන ලෝක යුද්ධය දක්වා හඹා යා හැකියි.  ක්විබෙක් සමුළුව අතරතුර ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් සහ අගමැති වින්ස්ටන් චර්චිල්  මේ ප්‍රදේශය සඳහා ඒකාබද්ධ හමුදා විධානයක් නිර්මාණය කිරීම සඳහා ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් නම් කළා. ඒ ප්‍රදේශයට ඉන්දියන් සාගරය ඇතුළත් වූ අතර වියට්නාමය දක්වා වූ භූමි ප්‍රමාණයට නව නමක් දුන්නා. ඒ  අග්නිදිග ආසියානු විධානයයි.  ශ්‍රී ලංකාව එහි මූලස්ථානය බවට පත් වූවා. 

1968 දී කලාපය සඳහා ආර්ථික සංගමය පිහිටුවන විට මෙම යෙදුම අග්නිදිග ආසියාව නැවත භාවිතා කරනු ලැබුවා. මේ වන විට ශ්‍රී ලංකාව අග්නිදිග ආසියාවට ඇතුළත්ව සිටියා. නව කලාපය අග්නිදිග ආසියාව ලෙස හංවඩු ගැසුනා. මා 1977 දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියදී,  ප්‍රාදේශීය සංගමයක් පිහිටුවීමට බංගලාදේශයේ ජනාධිපති ජෙනරාල් සියවුර් රහ්මාන් යෝජනා කළා.  ඒ වන විට ශ්‍රී ලංකාවේ  අයැදුම් පත්‍රය සහ ආසියාන් සංවිධානයට සම්බන්ධ වීමට බංගලාදේශය ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.ඒ කලාපීය සහයෝගීතාව සඳහා වන යෝජනා සකස් කිරීමටයි.
 
1983 වන විට කලාපීය සංගමයක් පිහිටුවීමට සහ ඒ කලාපය දකුණු ආසියාව ලෙස හඳුනාගෙන නම් කිරීමට එකඟතාවකට පැමිණියා. සාර්ක් හි සියලුම සාමාජිකයින් මීට පෙර බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති රටවල් හෝ බ්‍රිතාන්‍ය ඉදිකිරීමක් ලෙස හෝ ස්ථාපිත කර තිබුණා. පවතින නොසන්සුන් දේශපාලන වාතාවරණය නිසා මියන්මාරය ඉන් ඉවත් වූවා.  

ඉන්දියානු උප මහාද්වීප රාජ්‍ය සංගමය සඳහා නමක් සොයා ගැනීමට සිදු වූ විට, “දකුණු ආසියාව” යන යෙදුම තෝරා ගත්තා.  මේ කලාපය සඳහා එම නම එක්සත් ජනපද ආරක්ෂක සහ ආරක්ෂක ආයතනය විසින් ද භාවිත කළා.  1949 තරම් ඈත කාලයේ, ආරක්ෂක සාකච්ඡා සහ ගිවිසුම් සඳහා වගකිව යුතු එක්සත් ජනපද කමිටුවේ වාර්තාව දකුණු ආසියාවට යොමු කෙරුණා.
 
මේ අනුව, සාර්ක් හෝ කලාපයීය සංස්ථාව හෝ දකුණු ආසියානු සංගමය බිහි වූවා. මේ කලාපයේ වෙළෙඳ ඒකාබද්ධතාවයේ අතිශය මන්දගාමී ප්‍රගතියක් දක්නට ලැබෙනවා. අපිට තිබෙන්නේ SAFTA (The South Asian Free Trade Area) විතරයි.  කෙසේ වෙතත් අප රටවල් ලෙස ස්වාධීනව සිටින අතර ආගම්, භාෂා සහ සංස්කෘතීන් වැනි ශක්තිමත් පොදු ලක්ෂණ වලින් බැඳී සිටිනවා.
 
අපේ රටවල් බොහොමයක් ක්‍රිස්තු පූර්ව 3300 දී ආරම්භ වූ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් පැන නැඟී තිබෙනවා.
 
අපේ සමහර රටවල් ශතවර්ෂ ගණනාවක් තිස්සේ මෝගල් සංස්කෘතීන්ගේ බලපෑමට ලක් වූවා.අපට නීතිමය, දේශපාලනික සහ අධ්‍යාපනික රාමු සහ පද්ධති බ්‍රිතාන්‍යයන්ගෙන් උරුම වෙලා. විධිමත් වෙළෙඳ ගිවිසුම් නැති අතර, දකුණු ආසියාවේ විශාල නිල නොවන වෙළෙඳාමක් මෙහි වනවා. උදාහරණ වශයෙන්  දකුණු ඉන්දියාවේ චෙන්නායි සහ ශ්‍රී ලංකාව අතර නිල නොවන වෙළඳාම සියවස් ගණනාවක් තිස්සේ පැවතුනා. 
එසේ වුවද අපට ද අඩුපාඩු තිබෙනවා. 2014 සිට සාර්ක් රාජ්‍ය නායකයින් හමුවී නැහැ.

පෙනෙන පරිදි ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින දේශපාලන ආතතීන් ඊට හේතු වූවා ද? කෙසේ වෙතත් මේ රාජ්‍ය නායකයන් දෙදෙනා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවලට සහභාගි වීමට නියමිතයි.

අනිත් අතට බිම්ස්ටෙක් (හෝ බහු-ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක මුලපිරීම) ASEAN සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළත් වන අතර එය ක්‍රමයෙන් ප්‍රගතියක් ලබා සිටිනවා.

දකුණු ආසියාව ‘නොබැඳි’ කලාපයක් ලෙස පවතින බව අමුතුවෙන් කිව යුතු නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Related posts

බුලත්සිංහල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්

Editor O

සරසවි සේවකයනුත් අඛන්ඩ වර්ජනයක

Mohamed Dilsad

මුහුදෙන් ගෙන ආ විශාලතම මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී.

Mohamed Dilsad

Leave a Comment